අප හෙළ දෙරණේ රෝහණ පුරයේ
සැම හද තුල රදනා
කොලවෙනිගම විදු හල්මව සමගින්
යමු පෙරමුණ රැගෙනා
සිසිල් පවන් දෙන තුරු සෙවනින් සැදි
මනහර කදු පව්රය්
සාගිනි නිමවන කෙත් යයෙන්
නීති ආසිරි සෙමර සලය් //
සිප් සත දී අප සිත් නීති පුබුදා
සුරකින අප සැමදා
අප සැම ගයනෙමු ඔබේ ගුණ සමදා
අදර බැතින් සදා //
දූදරුවන් හොඳ පුරවැසියන් ලෙස
දෙස් බස රැකගන්නා
දිරියෙන් ඔබ දුන් නැණ ලොව හමුවේ
තබනෙමු ජය පෙන්වා //
රට දැය සමයට හිත ඇති දරුවන්
ඔබගෙන් බිහි වේවා
අප හට රැව් දෙන බැතිගී නාදෙන්
දිගු කල් වැජඹෙවා ////